ලංගම ජාතික සේවක සංගමය සිරිකොත විරෝධයක


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවල සේවය කරන ජාතික සේවක සංගමයේ සාමාජිකයන් 5,400ක් උසස්වීම් හා වැටුප් පිළිබඳ ගැටලුවකට මුහුණ දී ඇති බව පවසමින් එම සංගමයේ සාමාජිකයෝ පිරිසක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පරිශ්‍රයට පැමිණ අද (10දා) දහවල් විරෝධතාවක නිරත වූහ.

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් හේතුවෙන් තමන්ට මෙම අසාධාරණය සිදුව ඇතැයි පෙන්වා දුන් එම සේවකයෝ සිරිකොත මූලස්ථානයේ සේවකයන්ට හා එහි නවත්වා තිබූ වාහනවලට පිටතට යෑමට ඉඩ නොදෙමින් නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිය විරෝධය ප්‍රකාශ කළහ.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කැපවීමෙන් කටයුතු කළ තමන්ට විපක්ෂයේ පුද්ගලයන්ට මෙන් සලකන බවත්, මෙම ගැටලුව කෙරෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුවිය යුතු බවත් ඔවුහු සඳහන් කළහ.

ඡායාරූප ඒ්ෂාන් ප්‍රනාන්දු

 

 

 



Recommended Articles