මැදිරි දෙසීයක් පිළිසකර කිරීමේ ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ තන්ත්‍රි පුද්ගලික සමාගම එක්ව තැපැල් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවට ගැලපෙන ලෙස වැඩ නිමවූ වසර තිස් එකක් ඉපැරණි තැපැල් දුම්රිය මැදිරිය එකසිය හැත්තෑ තුන්වෙනි මැදිරිය ලෙස පසුගියදා බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියට එක් කරනු ලැබීය.
මැදිරි පන්සීයක අවශ්‍යතාවය සපුරනු පිණිස මූලික අදියරේ මැදිරි දෙසියයක් නිමවීමට මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාවට නංවා ඇති අතර 2015 වසරේ යෝජිත අයවැය යෝජනාවකට අනුව දේශීය කර්මාන්තකරුවා නගා සිටුවීම සහ දිරිගැන්වීමේ අරමුණින් ම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.
රාත්‍රි තැපැල් දුම්රියට එක්කල එකසිය හැත්තෑ තුන්වන මැදිරිය සහ අදාල මැදිරි දෙසිය ව්‍යාපෘතියේ අවසන් අදියරය පිළිබඳ දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතාගෙන් අප විමසා සිටි අතර ඒ මහතා මෙසේ පැවසීය.
“තැපැල් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයට අනුව නිමකළ රුමේනියන් දුම්රිය මැදිරිය වසර 31 පැරණියි. එය ලංකාවට ආනයනය කළේ 1989 වර්ෂයේ. අඩි 45ක් දිගින් යුතු මෙම මැදිරියේ ලිපි රඳවන කවුළු 180 කින් සමන්විතයි එමෙන්ම එහි ලිපි ගැටගසා තැබීමේ පහසුකම් මෙන්ම ප්‍රධානියා වෙනුවෙන් වෙන්වූ ප්‍රධාන ටේබලය,කිචන් සින්ක් එකක් දහ දෙනකුට පහසුවෙන් සිය කාර්යන්හි නිරත විය හැකියි.
මිලියන දහඅටක් මෙම මැදිරියක් සඳහා වැය වෙනවා මෙහි ව්‍යාපෘති ගිවිසුමට අනුව මැදිරි රෝද තිරිංග පද්ධතිය වැනි මගී ආරක්ෂාව සලසන යාන්ත්‍රික කොටස් දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරු කණ්ඩායම විසින් නිමවනවා මැදිරියේ ඇතුලත කොටස් තන්ත්‍රී ආයතනය විසින් නිමවනවා.
මෙවැනි තැපැල් මැදිරි පහක් රාත්‍රී තැපැල් දුම්රියන් තුනකට යොදවා තිබෙනවාත. ඒ අනුව ගාල්ල තැපැල් දුම්රියට,බදුලු තැපැල් දුම්රියට,කන්කසන්තුරේ දක්වා ධාවනය වන දුම්රියට මෙම මැදිරි යොදවනවා.”
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා