ලංකාවේ සාර්ථකව හැදුණ මිදි වගාවක්


විදේශීය රටවලින් මිදි ආනයනය කිරීමට ඉහල මුදලක් වැය වන යුගයක මිදි වගාවට නුසුදුසු කාලගුණ තත්වයක් පවතින ප්‍රදේශයක ඉතා සාරවත් මෙන්ම ඉහල අස්වැන්නකුත් එමගින් ඉහල ආදායමක් ලබා ගන්නා ගොවි මහතෙකු ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ-ඇත්කදවක ප්‍රදේශයේදී අපට හමුවිය.

ඔහු නමින් J M W බණ්ඩාරය. ඔහු මිදි වගාව ආරම්භ කර ඇත්තේ මීට වර්ෂ හතකට පෙරය.ඒ සදහා කිසිදු පුහුණුවක් ලබාගෙන නොමැති බණ්ඩාර මහතා මිදි වගාව සදහා අවශ්‍ය පැළ ද සකස් කරනු ලබන්නේ ඔහු විසින්මය.

මෙසේ වගා කරන ලද මිදි වැල් බදුන් තුල මෙන්ම එළි මහනේ ද ඔහු ඉතා සාරවත් ලෙස වගා කර ඇති ආකාරය දැක ගත හැකිය. තමන් හොද කප්පාදුවක් කර වර්ෂයකට දෙවරක් ඉහලම අස්වැන්නක් ලබා ගන්නා බව පවසන අතර ඇතැම් බදුන් ගත මිදි ගසකින් එක් වරකට කිලෝ 7-10 අතර ප්‍රමාණයක අස්වැන්නක් නෙලා ගන්නා බව කියයි.

වැලිමඩ කුමාරගේ

 



Recommended Articles