ලංකාවට එවන්න තිබූ කේරල ගංජා ටොන් 2ක් ඉන්දියාවේදී අල්ලයි


ඉන්දියාවේ සිට ලංකාවේ උතුරු මුහුදු සීමාවවට එවීමට සූදානම් කර තිබූ කේරල ගංජා කිලෝ 2090 ක් සමග පුද්ගලයින් 6 දෙනෙකු සහ වාහන දෙකක්ද ඊයේ (15) දින අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ කීරෙයිතුරෙයි පොලිසිය පවසා සිටියි.

මදුරෙයි පුදුකුලම් ප්‍රදේශයේ මහපරිමාණ කේරල ගංජා ජාවාරමක් පිළිබඳව තොරතුරු කීරෙයිතුරෙයි පොලීසියට අණාවරනය වීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් විසින් පුදුකුලම්හි පොල්වත්තක නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් පරික්ෂා කොට ඇත.

එහිදී ලොරි රථයේ සිට අය පොලීසියට පවසා ඇත්තේ තමන් සීනි රැගෙන යන බවටය. එහිදී සීනි ගෝනි ඉවත් කොට බැලීමේදී සීනි උර මෙන් සැකසූ සැකකටයුතු තවත් ගොනි කිහිපයක් තිබී එය පරික්ෂා කිරීමේදී කේරල ගංජා කිලෝ 2000 ක් තිබී සොයගැනීමට පොලිස් නිලදාරීන් සමත් විය.

ලොරි රථයේ රියදුරු ඇතුලු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගත් අතර පසුව ඔවුන්ගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී තවත් මෝටර් රථයක කේරලගංජා කිලෝ 90 ක් සඟවා ප්‍රවාහනය කිරීමට සූදානම්ව තිබීයදී සොයාගනු ලැබී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනාගෙන් 04 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර ඉදිරි දෙදෙනා ලාංකිකයින් බවටද එරට මාධ්‍ය විසින් අනාවරනය කරයි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ග්ත සැකකරුවන් විසින් පොලීසියට පවසා ඇත්තේ අදාල කේරල ගංජා තොගයන් ධනුෂ්කොඩි දක්වා ප්‍රවාහනය කොට ධනුෂ්කොඩි මුහුදු තීරය හරහා උතුරු මුහුදු සීමාවට රැගෙන යාමට සැලසුම් කොට තිබූ බවටත්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා කේරල ගංජා තොගයන් සමග වාහනද අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද කීරෙයිතුරෙයි පොලීසය වැඩිදුරටත් පැවසීය.

 



Recommended Articles