දේශීය ලොකුලූනු කිලෝවක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී රුපියල් එක්සිය පනහක ඉහළ මිලක් ලැබී තිබෙන බවත් ඉදිරි සති කිහිපය වන විට දේශීය ලොකු ලූනු කිලෝව රුපියල් දෙසිය ඉක්මවන වන මිලක් ඉහළ යා හැකි බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ .බී. ඒකනායක මහතා අද දින පැවසීය .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අනුරාධපුර පොළොන්නරුව මාතලේ යන දිස්ත්‍රික්කවල දේශීය ලොකු ලූනු ගොවීන් සිය අස්වැන්න මේ දිනවල රැගෙන ඒම සිදු කරති.
දේශීය ලොකු ලූනු කිලෝවක ගැණුම් මිල රුපියල් 130 සිට 150 දක්වා වූ මිල ගණන් යටතේ මිලදී ගැනීම් සිදු වෙන බව ගොවීන් පවසති.
විදේශීය රට වලින් ලොකුළුණු ගෙන්වීමේදී කිලෝවකට රුපියල් 40ක බදු මුදලක් අයකිරීමට රජය පසුගියදා තීරණය කිරීමත් සමඟ දේශීය ලොකු ලූනු ගැනුම් මිල ඉහළ ගිය බව ව්‍යාපාරිකයන් පෙන්වා දෙති.
විදේශීය රටවලින් ගෙන්වා ඇති ලොකු ලූණූ කිලෝවක් ද මේ දිනවල රුපියල් 140 ත් 150 ත් අතර මිලයකට අලෙවි වන බව ලොකු ලූනු ගෙන්වන වෙළෙන්දෝ පවසති.
දඹුල්ල කාංචන කුමාර ආරියදාස