රුහුණු ශිෂ්‍ය මර්දනයට එරෙහිව අන්තරෙන් පාගමනක්


රුහුණ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය මර්දනයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (27දා) උද්ඝෝෂණ පාගමනක් පවත්වන ලදී.

එම උද්ඝෝෂණ පාගමන සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පැවැත්විණි.

මෙම ශිෂ්‍ය මර්දනයට කේන්ද්‍රීය චෝදනාව ව්‍යාජ චෝදනාවක් ලෙස අධිකරණ වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීම හේතුවෙන් ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, පන්ති තහනම් කිරීම් සහ නේවාසිකාගාර තහනම් කිරීම් යන සියල්ල අහෝසි කරන ලෙස බලකරමින් මෙම උද්ඝෝෂණයේ නිරත වූ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු රත්කැරැව්වේ ජිනරතන හිමියෝ පැවසූහ.

මේ සම්බන්ධයෙන් විවිධ වගකිව යුතු පාර්ශ්ව සමග සාකච්ඡා කළද, තවමත් කිසිදු විසඳුමක් ලැබී නොමැති බවද උන්වහන්සේ සඳහන් කළහ.

එසේම මෙම ශිෂ්‍ය මර්දනය සඳහා නිසි පිළිතුරක් ලබාදෙන තෙක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ විරෝධතාවේ නිරත වන බවද ජිනරතන හිමියෝ වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියහ.

 



Recommended Articles