ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් සමඟ සමීපව කටයුතු කරමින් මාධ්‍ය වෘත්තියක් ලෙස නගා සිටුවීමට තමන් උපරිමයෙන්ම කැපවෙන බව අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව වැඩ ආරම්භ කිරිමෙන් අනතුරුවය.
ජනමාධ්‍ය සහ මාධ්‍යයේ ගැටලු නිරාකරණය කරමින් 2015 සිට දිනාගත් මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කරගැනීම තම අරමුණ බවද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද (25) යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඡායනා මැද අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.
එහිදී සර්ව ආගමික නායකයන් අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට ආශීර්වාද සිදුකළ අතර වැඩ භාරගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීය.
‘‘ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ ආරම්භ කිරීම සම්බන්ධයෙන් මම ගොඩක් සතුටට පත්වෙනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ කරගෙන යන ගමන් මා ගැන විශ්වාසය පළ කරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය මට භාරදීම ගැන මම ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මගේ ස්තූතිය පුද කරනවා.
විශාල වගකීමක් තියෙන අමාත්‍යංශයක් තමයි මේ අමාත්‍යාංශය. ඒ නිසා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්න මට මේ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන වැඩකටයුතු රාශියක් කරන්න මම බලාපොරොත්තු වෙනවා” යැයි ඔහු පැවසීය.