රිෂාඩ්, සාලි හා හිස්බුල්ලා ඉවත් කරන්නයි ඉල්ලති


ජාතික සමගිය ඇති කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා හා නැගෙනහිර සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන් ඉවත් කරන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය අද (22දා) දින සංදේශයක් භාරදීමට කටයුතු කළේය.

සන්දේශය භාරදීමට පෙර මහා සංඝරත්නය හා ගිහි පිරිස් නිදහස් චත්‍රරස්‍රය අබියසදී සත්‍ය ක්‍රියාවක නිරත වූ අතර, පසුව ගාලුමුවදොර පිටියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් වැඩමකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙම සන්දේශය භාරදීම සිදුවිය.

ඡායාරූප - ෂමීර රාජපක්ෂ



Recommended Articles