ඇල්ල සංචාරක පුරවරයට සංචාරය සදහා පැමිනෙන විදේශීය සංචාරකයන් වෙනුවෙන් ඌව පලාතේ ප්‍රථමවරට අද (29) ඇල්ල සංචාරක නගරයේ ආරම්භ කළ රාවණා ඔඩිසි තට්ටු දෙකේ විවෘත නැරඹුම් සංචාරක බස්රථ සේවයට ඇල්ල නගරයේ ජනතාව විරෝධය දක්වමින් බස්රථය ධාවනයට ඉඩ නොදී මග හරස් කරමින් විරෝධය පළකළහ.
විදෙස් සංචාරකයන් ඇල්ල නගරයට ගෙන්වා ගැනිම ඔවුන් වැඩිපුර ඇල්ල ප්‍රදේශයේ රදවා ගෙන ඇල්ල සංචාරක පුරවරයේ අහිංසක ත්‍රීරෝද රථ රියදුරන්ට, වෑන් රථ ,මෝටර් රථ ,යතුරුපැදි මෙන්ම වෙළදුන්ගේගේ ආදායම් මාර්ගය වැඩිදියුණු කර ගැනිමෙ අරමුණින් මෙසේ ඇල්ල පුරවරයේ සංචාරක හෝටල්හිමිකරුවෙකු මෙම නැවුම් වූ අත්දැකීම ප්‍රථම වරට ඌව පළාතට හදුන්වා දෙමින් එම රාවණා ඔඩිසි සංචාරක බස්රථ සේවය අද (29); පෙරවරු 9.01 ට යෙදුණු සුබ මොහොතින් ආරාධිත අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවශ්‍රීයෙන් ඇල්ල ඕටූ සංචාරක හෝටලයේදි ආරම්භ කැරිණ .
එම උත්සවයෙන් අනතුරුව පැමිණ සිටි ආරාධිත පිරිස මෙම සංචාරක බස්රථයේ නංවා ගෙන සුබ මොහොතින් බස්රථය සිය මංගල සංචාරක ගමන් වාරය යාමට ඇල්ල ඕටූ සංචාරක හෝටලයෙන් පිටවී ඇල්ල නගරය දෙසට බස්රථය ධාවනය වෙමින් තිබියදී ඇල්ල නගර මංසන්ධියේ ඒක රාශි වී සිටි ත්‍රීරෝද රථ රියදුරන් , වෑන් රථ , මෝටර් රථ රියදුරන් යතුරුපැදි කුලී මුදලට දෙන්නන් ඇතුලු පිරිසක් මගහරස් කර මෙම සංචාරක බස්රථය නවතා බස්රථය ධාවනය කිරිමට ඉඩ නොදී මගහරස් කර විරෝධතාවක නිරතවූහ .
ඇල්ල පොලිසියේ නිලධාරීන් මෙම ස්ථානය ට පැමිණ ඒ අවට ආරක්ශාව තරකර පිරිස විසුරුවා හැරිමට සූදානම් වීමත් සමඟ දෙපිරිස අතර උනුසුම් තත්ත්වයක් ඇති විය.
මේ නිසාවෙන් ඇල්ල පස්සර මාර්ගයේ විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කළ රථ වාහන වල සිටි විදේශීය සංචාරකයන් ද රියදුරන් ද දැඩි අපහසුතාවට පත්ව සිටියහ .
විරෝධතාවක නිරතව සිටි පිරිස පැවසූවේ මෙම නව රාවණා ඔඩිසි සංචාරක බස්රථය නිසාවෙන් තමන් එදිනෙදා සොයා ගන්නා ත්‍රීරෝද රථ , වැන්, මෝටර්රථ, වලට කුලී ගමන් නොමැතිව තමන්ට බඩේ පහර වැදී සිය ජීවීකාව කර ගැනීමට නොහැකි බවත්, වාහන වල ලීසිං වාරික ගෙවීමට නොහැකි බවය .
මෙම රාවනා ඔඩිසි සංචාරක බස්රථය හිමි සංචාරක ව්‍යාපාරික වරයා පැවසූවේ මෙම රාවණා ඔඩිසි සංචාරක බස්රථය ඇල්ල සංචාරක පුරවරයේ ඇති සංචාරක සිත් බැද ගත් සංචාරක ආකර්ශනීය කිසිදු ස්ථානයකට ධාවනය නොවන බවත් , මෙම සංචාරක බස්රථය ඇල්ල වැල්ලවාය බුදුරුවාගල, කොස්ලන්ද හපුතලේ බණ්ඩාරවෙල හරහා ඇල්ල නගරයට පැමිනෙන බවත් , එහිදී එම සංචාරක බස්රථයේ ගමන් ගන්නා විදේශීය සංචාරකයන් වෙනුවෙන් වැල්ලවාය ප්‍රදේශයේ කුඹුරක සිට ගමට ආවේනික වූ දිවා ආහාර වේලක් ලබා දී, මධ්‍යම සංස්කෘතික අරමුදලින් රජය මගින් ආරම්භ කර ඇති බුදුරුවාගල වැවේ බෝට්ටු සවාරියක් ලබා කොස්ලන්ද හරහා හපුතලේ ට පැමිණ විදේශීය සංචාරකයන් සදහා හපුතලේ ප්‍රදේශයේ සංචාරක ආකර්ශනය විදගැනිමට අවස්ථාව ලබා දෙන බවය.
ඇල්ල පොලිසිය මැදිහත් වී මෙම දෙපිරිස ට කරුණු පැහැදිලි කර පසුව මේ සම්බන්ධයෙන් විසදුමක් ලබා දීමට පොරොන්දු වී එම රාවණා ඔඩිසි සංචාරක බස්රථය ධාවනය කිරිම තාවකාලිකව නතර කර දමා විරෝධතාවේ නිරත වූ පිරිස විසුරුවා දැමූහ .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්