වනාතවිල්ලුව පරණ එළුවන්කුලම රාල්මඩුව වැවේ බැම්ම හදිසියේ අද (7දා) අළුයම කැඩි යාමේන් දැවැන්ත ජල කදක් ගඟේ වාඩිය හරහා කලපුවට ගලා යමින් ඇති බව රාල් මඩුව ගොවි සංවිධානයේ නිළධාරීහු පැවැසූහ.
මෙහිදි අදහස් දක්වමින් පුත්තලම දිස්ත්රික් ගොවිජන සේවා අධ්යක්ෂ නයනා බුද්ධදාස මහත්මිය පවසා සිටියේ වැව කිසිම අවධානමක නොතිබුණ බවයි.
රාල් මඩුව වැව අක්කර 500 ක පමණ ජල ධාරිතාවකින් සමන් විත වැවක් වන අතර වැවේ ජලය උපයෝගි කර ගනිමින් කුඹුරු අක්කර 150 ට වැඩි ප්රමාණයක් අස්වද්දන බව කියයි.
පුත්තලම හිරාන් ප්රියංකර ජයසිංහ