රාජාංගණය ජලාශයේ ඉවුරු ආසන්නයේ පවතින ජලය තද කොළ පැහැ ගැන්වීමට හේතු පරීක්ෂා කරන ලෙසත් එම අප ජලය ජලාශයෙන් ඉවත් කිරීමට අවශ්‍යය කඩිනම් පියවර ගන්නා ලෙසත් වාරිමාර්ග ජලසම්පත් හා ආපදාකළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
මේ දිනවලරාජාංගණය ජලාශයේ ඉවුරු ආසන්නයේ ඇති ජලය තද කොළ පැහැ ගැන්වී ඇති අතර, එම ජලය දැඩි දුර්ගන්ධයකින්ද යුක්තව ඇත.ඒ පිළිබඳ සැලවීමෙන් අනතුරුව වාරිමාර්ග ජල සම්පත් හා ආපදාකළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමග වාරිමාර්ග දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් එස්. මෝහනරාජා, අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු ප්‍රසන්න ද සිල්වා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් රාජාංගණය ජලාශය නිරීක්ෂණය කළහ.
වැව් ඉවුරු අසල ජලය දීර්ඝ කාලයක් තුළ රැඳී පැවතීමෙන් මෙලෙස බැක්ටීරියා වර්ධනයක් සිදුවී ඉවුරු අසල ජලය කොළපැහැ ගැන්වී ඇති බවට සැක කරන බව එහිදී නිලධාරීන් විසින් අමාත්‍යවරයාට පැවසීය.
ගොවි බිම්වලට යොදන කෘෂි රසායන ද්‍රව්‍යය ඇළ මාර්ග හරහා රාජාංගණය ජලාශයට මුසුවී දීර්ඝ කාලයක් තැන්පත් වී පැවතීමෙන් මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බව නිලධාරීහු එහිදී පෙන්වා දුන්හ.
රාජාංගණය ජලාශයේ ජලය කොළ පැහැවී හමන දැඩි දුර්ගන්ධය හේතුවෙන් ප්‍රදේශවාසීන් රෝගාතුරවී තිබෙන බවත්, මත්සයින් ඇතුළු ජල ජීවින්ටද මෙහි බලපෑමක් ඇතිවී තිබෙන බවද ප්‍ර‘දේශවාසීහු පෙන්වා දෙති.
මේ අතර වසර 02 කට වඩා පැරණි බැක්ටීරියාවක් සුපෝෂණය වීම ඊට හේතුවී ඇතැයි රජරට විශ්විවද්‍යාලයේ ජීව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වසන්ත සේන වැලිඅංග මහතා රාජාංගණය ජලාශය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පවසා ඇත.
රජරට විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වසන්තසේන වැලිඅංග මහතාගෙන් මේ සම්බන්ධයෙන් අප විමසීමකදී පැවසුවේ,
"රාජාංගණය වැවේ මතුව ඇති තත්ත්වය මම නිරීක්ෂණය කළා. මෙම තත්ත්වය සුපෝෂණ තත්ත්වයක් විදියට හඳුන්වන්න පුළුවන්. වැවට නයිට්‍රජන් හා පොස්පරස් එකතුවීම නිසා තමයි මේ තත්ත්වය මතුවෙලා තියෙන්නේ. වැව ඉහළ ප්‍රදේශයේ සිදුකරන වගා කටයුතුවලදී ඒවාට රසායනික පොහොර යෙදීම සිදුකරනවා.
එම පොහොරවල තියෙන නයිට්‍රජන් හා පොස්පරස් වැවට එකතු වෙනවා. ඊටපස්සේ වැවේ තිබුණ මයික්‍රොස්ටිස් කියන බැක්ටීරියාවත් සුපෝෂණය වෙලා තියෙනවා. ඒ අනුව මයිකෝසිටිස් බැක්ටීරියාව වැව තුළ සුපෝෂණය වීම නිසා මේ තත්ත්වය මතුවෙලා තිබෙනවා. මේ බැක්ටීරියාව වසර බිලියන තුනකට වඩා පැරණි එකක්. මයිකෝසිටිස් බැක්ටීරියාව ජලයේ තිබෙන නයිට්‍රජන් හා පොස්පරස් උරාගැනීමත් සමග එහි ගහනය වැඩි වෙනවා. පසුව එම ජලය මතුපිට වලාකුළක් මෙන් තට්ටුවක් ලෙස වර්ධනය වෙනවා. ඊට පස්සේ ඒ තට්ටුව යටින් වතුරට ඉර එළිය වැටෙන්නේ නැහැ.
ඒ නිසා එහි යට ජලයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ අනුව ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන් එම ජලයේ ඉන්න සත්ත්ව වර්ග හා ශාක සියල්ල මැරිලා කුණු වෙනවා. මුළු පරිසරයම අප්‍රසන්න තත්ත්වයට පත්වෙනවා. ඒ හේතුවෙන් දුගඳ හමා එනවා. මෙවැනිම තත්ත්වයක් 2002දී පමණ මහනුවර වැවෙනුත් වාර්තා වුණා.
මෙම මයිකෝසිටිස් බැක්ටීරියාව සුපෝෂණය වූවිට ඊට පුළුවන් අපද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න. එලෙස නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය මිනිසාගේ ස්නායු පද්ධතියට හා අක්මාවට හානි කරන බව දැනට ලෝකයේ පර්යේෂකයෝ හොයාගෙන තියෙනවා. දුර්ගන්ධයත් සමග සිදුවන වායු දූෂණය නිසා කැස්ස, පපුවේ දැවිල්ල, මුහුණේ දැවිල්ල වගේ රෝග තත්ත්වයනුත් ජනතාවට ඇති වෙනවා. ඒ නිසා මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්නවත් බැරි වෙනවා.
අපිට දැන් රාජාංගණය වැවේ මේ තත්ත්වය වළක්වන්න බැහැ. දැන් තත්ත්වය මතුවෙලා ඉවරයි. ඉදිරියේදී මේ තත්ත්වය තවදුරටත් වන්නේ නම් පමණක් එය වළක්වා ගැනීමට වැව් තාවුල්ලේ කෙරෙන වගා කටයුතු නවත්වන්න වෙනවා. එහෙමත් නැත්නම් එවැනි වගා බිම්වලට නයිට්‍රජන් හා පොස්පරස් අඩංගු පොහොර යොදන එක් නවත්වන්න වෙනවා. වගා කිරීම හෝ කෘෂිකර්මාන්තය නොවෙයි. නයිට්‍රජන් හා පොස්පරස් අඩංගු පොහොර අධික භාවිතය තමයි වරද වෙලා තියෙන්නේ" යැයි පැවසීය.
බී.ජී. චතුරංග/තිසර සමල්