2003දී එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මැලේසියාවේ සිදුකළ සංචාරයකදී සිදුවූ වැදගත් සිදුවීමක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙක් වන ආචාර්ය රංග කලංසූරිය මහතා සිය ෆේස්බුක් ගිණුමට සටහනනක් එක්කර තිබුණා.
එම සහටන පහත පරිදි වෙයි.
“මම පොතක් කියෙව්වා වගේ බොහෝ දේවල් ඉගෙන ගත්ත මීටිමක් මේක. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විදියට 2003 දී මැලේසියාවේ කළ මේ සංචාරය ගැන පොතක් ලියන්න දේවල් සිද්ධ උනා. රෝසි සේනානායක Rosy Senanayake මහ කොමසාරිස්තුමියත්, සමන් ඒකනායක ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරියාත් එක්ක මාත් මේ ගමන සංවිධානය කරන්න එකතු උනා.
මහතීර් මොහමඩ් මැලේසියාවේ අගමැතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවට ලබා දී තිබුනේ පැය බාගයයි. මූලික ද්විපාර්ශ්වික කරුණුවලින් පස්සෙ ලංකාවෙ මැලේ ප්‍රජාව ගැන කතාබහට වැටුණා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඒ ඉතිහාසය කියනකොට මහතීර් අගමැතිවරයා ඇස් ලොකුකරගෙන ඒක අහගෙන හිටියා. පැය බාගෙ ඉක්මවෙලා වෙලාව යනකොට මහතීර් අගමැතිවරයාගෙ නිලධාරියෙක් ඇවිත් වෙලාව මතක් කලා.
"කරුණාකරලා බාධා නොකර ඔය දොර වහලා එලියට යන්න," කී අගමැතිවරයා රනිල් වික්‍රමසිංහගෙ විස්තරය උනන්දුවෙන් අහගෙන හිටියා. පැය බාගයකට සීමා කරල තිබුණු මීටිම පැය එකහමාරකට වැඩියෙන් ගියා. මහතීර් අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ ගැන කොච්චර පැහැදුනා ද කිව්වොත් ඔහු රනිල් ගේ වාහනය ගාවටම පසු ගමන් ආවා.
මේක ඩිප්ලොමැටික් ප්‍රොටෝකෝල් එකටත් විරුද්ධයි. මොකද මහතීර් අගමැතිවරයා තනතුරෙන් රනිල් වික්‍රමසිංහට වඩා ජ්‍යෙෂ්ඨයි. ඒ නිසා එහෙම පසු ගමන් එන්නෙ නැහැ. ඒත් රනිල්ගෙ දැනුමට මහතීර් මොහොමඩ් අගමැතිවරයා ගරු කළේ එහෙමයි."
(පහත ඡායාරූපයේ මහතීර් මොහොමඩ්ට පසුපසින් වම් කෙළවරේම සිටින්නේ රංග කලන්සූරිය මහතායි)