ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රාගම-උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ COVID 19 රෝගී ප්‍රතිකාර ගැන සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා එහි ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම COVID 19 රෝගී ප්‍රතිකාර ඒකකය පිහිටා ඇති රාගම රෝහලේ මීට දින කිහිපයකට පෙර ඇති වූ තදබදය වලක්වා සියලු රෝගීන්ට ඇදන් ලබා දී තත්වයට සාර්ථකව මුහුණ දීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත්ව සිටින බව අමාත්‍යවරයා පවසයි.
බටුවත්ත අදාහනාගාරය ක්‍රියා විරහිත වීම නිසා එකතු වූ මෘතශරීර අවට වෙනත් ආදාහනාගාර වෙත කඩිනමින් රැගෙන ගොස් ආදාහනය කිරීමට ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය රෝහල් කාර්යමණ්ඩලය සමග එක්ව කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා පවසයි.