රඹුක්කන ප්ර දේශයේ පැවති උද්ඝෝෂණයකට සහභාගි වු පිරිසකට පොලිසිය විසින් වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරිම සිද්ධියට විරෝධය පාමින් නුවරඑලිය ප්ර දේශයේ මහ සංඝ රත්නය , සර්ව ආගමික නායකයින් සහ ප්ර දේශවාසින් එක්ව (20) දින නුවරඑලිය නගරයේදි උද්ඝෝෂණයක නිරත විය.
නුවරඑලිය නගරයට පැමිණි මහ සංඝ රත්නය , සර්ව ආගමික නායකයින් සහ ප්ර දේශවාසින් විරෝධතා පුවරු රැගෙන නුවරඑලිය නගරය පුරා විරෝධතා පාගමනක් පවත්වා නුවරඑලිය බස් නැවතුම්පොලට පැමිණ මද වේලාවක් බිම වාඩි වි උද්ඝෝෂණයක නිරත වි පසුව නුවරඑලිය ප්ර ධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ උද්ඝෝෂණයේ නිරත විය.
උද්ඝෝෂණයේ නියැලි සිටි මහ සංඝ රත්නය , සර්ව ආගමික නායකයින් සහ ප්ර දේශවාසින් කියා සිටියේ රඹුක්කන උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිසකට පොලිසිය විසින් වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරිමේ සිද්ධිය තරයේ හෙලා දකින බවයි.
එම වෙඩි තැබිම සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් පවත්වන ලෙසත්, වත්මන් රජයේ පාලකයින්ට වහාම පාලන බලයෙන් ඉවත් වි මාතෘ භුමිය ආරක්ෂා කර ගැනිමට සහ රටේ ජනතාව පිඩාවෙන් මුදවා ගැනිමට හැකි පාලකයින්ට රටේ පාලන බලය ලබාදෙන ලෙසයි.