රන් පැහැති ආඳෙක් හමුවෙයි


පොළොන්නරුව, දිඹුලාගල, පැළෑටියාව වැවේ 03 වැනිදා සවස මසුන් අල්ලමින් සිටි ධීවරයකුට දුර්ලභ රන්වන් කහ පැහැති, අඩි දෙකහමාරක් පමණ දිග ආඳෙකු හමුවී ඇත.

දෛනිකව ධීවර කටයුතු කරන පැළෑටියාව ගම්මානයේ එච්.එම්. විමලරත්න මහතාට එම ආඳා හමුවී ඇති අතර, පසුව එම ආඳා ඔහු පැළෑටියාව ගම්මානයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සේවය කරන ආර්.එම්.යූ.කේ, බණ්ඩාර මහතාට ලබාදී තිබේ.

එම් දුර්ලභ ආඳා දැකබලාගැනීමට ගම්මානයේ බොහෝ දෙනා පැමිණෙමින් සිටිති. මීට පෙර මෙවැනි දුර්ලභ,රන්වන් කහ පැහැති ආඳෙකු හමුවී ඇත්තේ මීට වසර හතරකට ඉහතදී අනුරාධපුර නාච්චාදූව වැවෙහි මසුන් අල්ලන එම්. එම්. ෆාරුක් නම් ධීවරයකුටය. මෙවැනි ආඳෙකු මීට පෙර කිසිදා නො දුටු බවද එම ප්‍රදේශයේ ධීවරයෝ සඳහන් කළහ.

මනම්පිටිය -නිමල් ජයරත්න



Recommended Articles