රත්මලානෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹයි


වසර 54කට පසු කොළඹ ගුවන්තොටුපල ජාත්‍යන්තර තලයට ගෙන යෑමේ සහතිකය පිරිනැමීම සනිටුහන් කරමින් රත්මලාන පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ හා මාලදිවයින් අතර ගුවන් ගමන් අද (27දා)ආරම්භ කෙරිණි.

මාලදිවයින් රජයට අයත් සීමාසහිත island aviation service සමාගම කලාපීය ගුවන් ගමන් නවතා ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම කලාපීය ගුවන් ගමන් ආරම්භ කිරීම ක්‍රියාත්මක වී ඇත.

මෙතෙක් අභ්‍යන්තර ගුවන් ගමන් කටයුතු සහ පුහුණු ගුවන් කටයුතු සිදු කළ රත්මලාන ගුවන් තොටුපළ ජාත්‍යන්තර තලයේ ප්‍රමිතියකින් යුතු ගුවන් තොටුපළක් ලෙස ප්‍රමිතිකරණයකට ලක් කොට එම සහතික කරනයද කරනු ලැබීය.

මෙහිදී ජාත්‍යන්තරයේ තලයේ  ගුවන් තොටුපළකට සුදුසු වන ආකාරයට කොළඹ ගුවන්තොටුපලේ යටිතල පහසුකම් සහ ගුවන්තොටුපල නැවතුම් මධ්‍යස්ථාන ඉතා විශිෂ්ට ලෙස නිමවා තිබූ අතර ගුවන් ධාවන පථය ද නියමිත ප්‍රමිතිකරණ යෙන් යුතුව නිමවා තිබුණි

අද උදෑසන 8:45 පමණ  සුභ අවස්ථාව සනිටුහන් කරමින් Q2 944,Dash 800 ගුවන් යානයෙන් මාලදිවයින් නියෝජිත පිරිසක් මෙරටට පැමිණි අතර ඔවුන් පැමිණි ගුවන් මගීන් පනස් දෙනකු ගෙනයාහැකි ගුවන් යානයට ජල ආචාර්ය දක්වා පිළිගනු ලැබීය.

මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා

 

 



Recommended Articles