රත්මලාන - බඩෝවිට ඇළ මාර්ගය රතු පාටවීමට හේතුව හෙළි වෙයි


රත්මලාන, බඩෝවිට ප්‍රදේශයේ ඇළ මාර්ගයක් රතු පැහැවීම පිළිබඳ කලබලයට පත් නොවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. 2024 නොවැම්බර් මස 05 වැනිදින පෙරවරුවේ සිට මෙම ඇළ මාර්ගයේ ජලය රතු පැහැවී තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඊයේ (05) ලද තොරතුරකට අනුව, මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පළාත් කාර්යාලය එදිනම මේ පිළිබඳ ක්‍ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකර ඇත. 

වර්ණකයක් අදාළ ඇළමාර්ගය වෙත මුදාහැරීම හේතුවෙන් ඇළ මාර්ගයේ ජලයේ වර්ණය මෙලෙස වෙනස්වී ඇති බව මෙම ක්‍ෂේත්‍ර පරීක්ෂණයේ දී අනාවරණ විය. එමඅවස්ථාවේ දී ම සිදුකළ හැකි පරීක්ෂණ අදාළස්ථානයේ දීම මධ්‍යම පරිස රඅධිකාරිය සිදුකරන ලදී. මෙම වර්ණකය ජලයේ දියවන (ජල ද්‍රාව්‍ය) වර්ණකයක් වන බවත් පීඑච් පරාමිතීන්, පවතින පාරිසරික තත්ත්වයට අනුකූල වන බවත් ඉන් ඉහළ අගයන්නොපෙන්වන බවත්එම පරීක්ෂණවලදී අනාවරණ වී ඇත. තවද වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ජල තත්ත්ව පසුවිපරම් රසායනාගාර නිලධාරීන් විසින් ජල නියැදි ලබාගත් අතර එම ජල නියැදි පරීක්ෂණ සඳහා යොමුකර ඇත.

ප්‍රදේශයේ පුද්ගලයකු විසින්මෙම වර්ණකය අදාළ ඇළ මාර්ගය වෙත මුදාහැර ඇති බවට හෙළිව තිබේ. වෙළෙඳ සැළකින්ඉවත් කළ අදාළ වර්ණකයේ සැලකිය යුතු ප්‍රමාණයක්නි වසට රැගෙන ගොස් ගබඩාකර තැබීමේ දී වර්ෂාවට හසුවීම නිසා එය මෙලෙස ඇළ මාර්ගයට මුදාහැර ඇති බවත්මෙ තරම් ගැටලුකාරී තත්වයක්ඇ තිවේයැයි තමන්නොසිතූ බවත්එම වර්ණකය පරිසරයට මුදාහැරි පුද්ගලයා ප්‍රකාශ කර ඇත. සැකකරු පොලීසිය විසින් අත්අඉගුවට ගෙන තිබේ.

 



Recommended Articles