රටටම කුණු අල කවන ජාවාරමක් දඹුල්ලෙන් හසුවෙයි


ඉන්දියාවෙන්  ගෙන්වූ  මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල සෝටීස් (කෙටි කෑම) නිෂ්පාදනය සඳහා රටපුරා බෙදාහරින ජාවාරම්ක සුලමුල හෙළි කර ගැනීම්ට දඹුල්ල නගරාධිපති  ජාලිය ඕපාත මහතාට 28 දින පස්වරුවේ හැකි වී තිබේ.

 දඹුල්ල ආර්ථික මධ්‍යස්තානය වෙළඳසැලක සංවිධානාත්මක කණ්ඩායමක් කාලයක් තිස්සේ ඉන්දියාව ,පාකිස්ථානය ,සහ වෙනත් රටවලින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින වරායෙන් ඉවත් කරන අර්තාපල් අල කන්ටේනර් රථ පිටින් දඹුල්ලට රැගෙන විත් ඒවා  නැවත කාන්තාවන් යොදා සුද්ධ පවිත්‍ර කරමින් සූක්ෂම ලෙස  රට පුරා මහා පරිමාණ සහ කුඩා හෝටල් වල කෑම  නිෂ්පාදනයට අලෙවි කිරීම සිදුවන බවට  ලද තොරතුරක් මත මෙය අනාවරණයය කර ගැනීමට හැකි වූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා  පැවසීය.

 ගබඩාවේ ඉදිරිපස සම්පූර්ණයෙන්ම වසා පිටුපස කොටසේ කාන්තාවන් 25ක් පමණ  යොදවාගෙන ඉන්දියාවෙන් ගෙනා තිබූ මෙම අර්තාපල් අල මුල් බැස ගෝනිවලින් ගලවා  එහි ඇති මුල් සහ අලවල හටගෙන ඇති තවත් කුඩා අල ඉවත් කරමින් සිටින අයුරු අනාවරණය කර ගැනීමට හැකි විය.

විශාල ගබඩාව තුළ අර්තාපල් අල කිලෝ 45000 ක පමණ ප්‍රමාණයක් ගොඩගසා ඇති අයුරු තිබෙන බවත් ඒවා සියල්ල බෙහෙවින් නරක් වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 මෙම අර්තාපල් අල ගෙන් වූ බව කියන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල්ක් බදු පදනම මත පවත්වාගෙන යන පුද්ගලයා  දුර දුරකථන ඇමතුමක් ලබාදී ගෙන්වා ගැනීමට නාගරික මන්ත්‍රී  චරිත විජේරත්න  මහතා පියවර ගත්තේය.

 ඒ අනුව එම ස්ථානයට පැමිණි  ව්‍යාපාරිකයාගෙන් නගරාධිපති ජාලිය ඕපාත මහතා   ප්‍රශ්න කිරීම් වලදී මේවා ඉන්දියාවේ සිට රැගෙන ආ බවත් දඹුල්ලට සහ වරායෙන් පිට කළ කිසිදු ලියකියවිල්ලක් තමන් සතුව නොමැති බවද ව්‍යාපාරිකයා පැවසීය.

 එමෙන්ම මෙම අර්තාපල් අල හෝටල් සඳහා ලබා දෙන බව පිළිගත් හෙතෙම මේවා ගෙන් වූ තමන් ඇතුළු කණ්ඩායම කිසිසේත් ආහාරයට නොගන්නා බවද මෙම ව්‍යාපාරිකයා  පිළිගැනීම් විශේෂත්වයකි.

 පසුව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා වහාම මෙම සිද්ධිය පිළිබඳවව දුරකථනය හරහා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දැනුවත් කළේය.

 ඒ අනුව   අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල පොලිසියට මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව  දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතා  ඇතුළු පොලිස් කණ්ඩායම්ක් එම ස්ථානයටට පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ.

නාගරාධිපතිවරයා ව්‍යාපාරිකයාට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ මින් ඉදිරියට දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ විදේශ  රටවලින් ගෙන්වා අලෙවි කරන සෑම ආහාර ද්‍රව්‍යයකට ම  මෙරටට ගෙන්වූ දිනය වරාය පිටත් කළ දිනය සහ ආහාරයට සුදුසු බවට වරාය මහජන සෞඛ්‍යය පරීක්ෂක අංශයෙන් ලබා දුන්  ලියකියවිල්ලක් නොමැතිවව අලෙවි කිරීමට ඉඩ ලබා නොදෙන බවය.

 

 



Recommended Articles