රට රකින V පවුර මීගමුව කලපුව සුරකියි


අපජලය හා අපද්‍රව්‍ය හේතුවෙන් විනාශ වීමේ අවදානමකට මුහුණදී ඇති මීගමුව කලපුව ආශ්‍රිත පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ 'V Force' කණ්ඩායම විසින් පසුගියදා කලපු තීරය පිරිසුදු කරනු ලැබීය.

මීගමුව කලපුවට අපවිත්‍ර ජලය ගලා යෑම මෙන්ම විවිධ වූ අපද්‍රව්‍ය, ධීවර ආම්පන්න කොටස්‌ වැනිදෑ එක්වීමෙන් එම පරිසර පද්ධතිය අපවිත්‍ර වීම හේතුවෙන් කඩොලාන, මුහුදු තෘණ, කලපු ජලය වැනි පරිසර පද්ධතිවලට මෙම අපජලය හා අපවිත්‍ර ද්‍රව්‍ය (ප්ලාස්‌ටික්‌/ෆයිබර්) වැනි දේ මුදා හරින බැවින් කලපු පරිසර පද්ධතිය මෙලෙස තර්ජනයට මුහුණදී තිබේ. 

V Force ක්‍රියාන්විතයේ දෙවැනි පළමු වැඩසටහනේදී මෙරට ඉතා වැදගත්ම පුරාවිද්‍යා කේන්ද්‍රයක් වන සීගිරිය සුද්ධ පවිත්‍ර කිරීමට කටයුතු කළ අතර, දෙවැනි වැඩසටහන ලෙස මීගමුව මුහන්දිරම් කලපුව මෙලෙස පිරිසුදු කරන ලදී. විශාලත්වයෙන් හෙක්‌ටයාර් 6,232ක්‌ පමණ වන මීගමුව හා මුතුරාජවෙල වෙරළ තෙත්බිම් පරිසර පද්ධතිය ශ්‍රී ලංකාවේ ඇති 127ක්‌ වන ප්‍රධාන මුළු කලපු මෝයවලින් පාරිසරිකමය මෙන්ම ආර්ථිකමය හා සාමාජීය ලෙස ඉතා වැදගත් වෙරළාශ්‍රිත පරිසර පද්ධතියක් වන අතර, මෙහි ජලතලය වර්ග 

කි.මී. 3164කි. මෙම මීගමුව කලපුව 4,000කට අධික ධීවර ජනතාවට ජීවනෝපාය සපයන පරිසර පද්ධතියක්‌ වන අතර, විවිධ ධීවර බෝට්‌ටු 3,000කට අධික ප්‍රමාණයක්‌ නැංගුරම්ලෑමද සිදුවේ. මේ හේතුවෙන් මෙම මීගමුව මෝය පරිසරය ජාතිකමය වැදගත් සමුද්‍ර ධීවර මධ්‍යස්‌ථානයක්‌ ලෙස වසර ගණනාවක්‌ පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.

සත්‍යය කඩොලාන (True Mangroves) විශේෂයන් හෙක්‌ටයාර් 350ට අධික ප්‍රමාණයකින් මීගමුව කලපුව ආවරණය වී ඇති අතර, මීගමුව මෝය පරිසරයේ මෙම කඩොලාන පරිසර පද්ධතියේ කඩොලාන (Mangroves) මගින් කලපුවේ මත්ස්‍ය අභිජනන මධ්‍යස්‌ථානයක්‌ හා වාසස්‌ථාන ලෙස මහඟු සේවාවක්‌ ඉටුකරයි. 

ඉතා වටිනා දුර්ලභ පක්‌ෂීන්ට, උරගයන්ට, මත්ස්‍ය වර්ගවලට වාසස්‌ථාන සපයනු ලබන්නේද, මීගමුව කලපුවේ ආරක්‍ෂක බැම්ම ලෙස ඉවුරු ඛාදනයන් කලපුව ආරක්‌ෂා කරන්නේද මෙම කඩොලාන පරිසර පද්ධතියයි. මීගමුව කලපුව ආවේණික වෙනත් විශේෂ පරිසර පද්ධති වනුයේ මුහුදු තෘණ (Sea Grass) පරිසර පද්ධතියයි. 

දකුණු ආසියාවේ මාධ්‍ය ආයතනයක් විසින් ක්‍රියාත්මක කරනු ලබන විශාලතම යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන වන සිරස ගම්මැද්ද වැඩසටහනට සමාගමීව ක්‍රියාත්මක වන V Force වැඩසටහන කැපිටල් මහරාජා සංවිධානයේ ප්‍රධානී කිලී රාජමහේන්ද්‍රන් මහතාගේ මගපෙන්වීම සහ කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්‍ෂ ශෙවාන් ඩැනියල් මහතාගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර, රට පුරා සිටින උගත් තරුණ තරුණියන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු බොහෝ දෙනෙක් මෙම වැඩසටහන සඳහා සක්‍රීය දායකත්වය ලබා දෙති.

 



Recommended Articles