රජරට සරසවියේ පර්යේෂණ කෞතුකාගාරයක්


ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශය විසින් නව පර්යේෂණ කෞතුකාගාරයක් විවෘත කළේය.

ආචාර්ය ශිරාන් දැරණියගල කෞතුකාගාරය නමින් මෙය නම් කර ඇති අතර  එම කෞතුකාගාරය එම විශ්ව විද්‍යාලය ඇතුළු රටේ සමස්ත  පර්යේෂණ අංශ වලට උපයෝගීකරගත හැකි පරිදි එහි සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ  ගොඩනැගිල්ලේ පහළ මහලයේ  ස්ථාපිත කර තිබේ.

වසර මිලියන 482 ක සිට වසර මිලියන 200 දක්වා ඉතිහාසයේ පුරාවිද්‍යා සාධක  අධ්‍යයනය සඳහා   පොසිල, ශ්‍රී ලංකාවේ ජුරාසික් යුගයේ පොසිල, වසර මිලියන 195ක් පැරණි මීමන ශාඛ පොසිල, පුත්තලම සිමෙන්ති කම්හල ඇසුරින් සොයාගත් වසර මිලියන 5-23 අතර පැරණි සත්ව පොසිල,රත්න පුරෙන් සොයාගත්  වසර 80000ක් පැරණි රයිනෝසිරස් සත්ව පොසිල,  වසර  47000-3000ත් අතර කාලයක් පැරණි මානව සැකිලි කොටස් ,ගල් ආයුධ, කානිලියන් පබළු, ඉහළ තාක්ෂණික බලයෙන් නිපදවූ මැටි බඳුන් ආදී ශ්‍රී ලංකාවේ පූර්ව ඉතිහාසය, ඓතිහාසික යුගය හා  ලෝහ තාක්ෂණයේ සංවර්ධන අවධීන් දක්වන පුරාවස්තූන් රාශියක් මෙම කෞතුකාගාරයට අන්තර්ගත වන බව මහාචාර්ය තුසිත මැන්දිස් මහතා එහි දී සඳහන් කළේ ය.

එම අධ්‍යයන අංයෙන් සම්පාදනය  කළ ප්‍රාග් ඉතිහාසය හා ශිලා මෙවලම් තාක්ෂණය,ශ්‍රී ලංකාවේ ප්‍රාග් හා පූර්ව ඓතිහාසික අවධියේ සංස්කෘතික විවිධතා  හ ශවෝපාචාර ක්‍රම,ප්‍රාග් ඓතිහාසික සත්ත්ව අස්ථි හා ශිලා මෙවලම් විශ්ලේෂණය යන ග්‍රන්ථ ත්‍රිත්වය එහිදී සෙනරත් දිසානායක පිළිගැන්වූයේ මහාචාර්ය තුසිත මැන්දිස්ටය.

රඹෑව - මනුල වික්‍රම 



Recommended Articles