දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය දිනවල පහළ ගිය එළවළු මිල යම් මට්ටමකින් ඉහළ අගයක් අද (20දා) ගත් බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙලද සංගමය කියයි.
එමෙන්ම යාපනය අර්ධද්වීපයෙන් ලැබෙන එළවළු ප්‍රමාණය මේ දිනවල ඉහළ යමින් පවතිද්දී යාපනයේ වගා කරන මිදී අස්වැන්න මේ වන විට දඹුල්ලට විශාල වශයෙන් ලැබෙන බවත් පසු ගිය වසරේ රුපියල් 300 ත් 350 ත් අතර මිලකට අලෙවි වූ මිදී කිලෝවක් සඳහා මෙදින රුපියල් 900 ක මුදලක් ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳුන් පෙන්වාදෙති
පසුගිය දින කිහිපයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනයෙන් ලැබුණු මිදී කිලෝවකට රුපියල් 1300ක් 1350 ත් අතර ප්‍රමාණයක් ලැබුණු බවත් ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන මිදි ප්‍රමාණය වැඩි වීමත් සමග මිදි මිල කිලෝ ක මිල රුපියල් 900 දක්වා පහත වැටී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත් විදේශ රටවලින් මීදි ගෙන්වීම ඉතා අවම වශයෙන් සිදුවන නිසා යාපනයෙන් මිදි සඳහා වෙළෙන්දන්ගෙන් ඉහළ ඉල්ලුමක් පවතින බව වෙළෙන්දෝ පෙන්වා දෙති.
කුඩා ඇසුරුම්වල සකසා යාපනය සිට අලුයම 4 පමණ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මිදි අස්වැන්න ලැබෙන බවත් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ යාපනයේ මිදී මිලදී දී ගැනීම සඳහා වෙළඳුන් දඹුල්ලට පැමිණෙන බවද ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හිමියෝ පෙන්වා දෙති
පසුගිය දින කිහිපයේ එළවළු මිල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පහත යමින් තිබිණි, කෙසේ වෙතත් 20 දින අලුයම වන විට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දී ගැනීම සඳහා පැමිණෙන වෙළෙඳුන්ගේ වැඩිවීමත් සමග එළවළු ලැබීම් අවම වීම මත එළවලු මිල ඉහළ ගිය බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයෝ පෙන්වා දෙති
සාමාන්‍යයෙන් එළවළු ඉල්ලුම සහ සැපයුම න්‍යාය මත මිල තීන්දු වෙන බවද ඔහවුහු වැඩිදුරටත් පෙන්වා දෙති ,
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මිල
2022.08.19 දින 2022.08.20 දින
ගෝවා 160 -180 280 - 300
බෝංචි 220 - 240 250 - 300
ලීක්ස් 100 - 130 150 - 160
කැරට් 220 - 280 290 - 300
බීට්රූට් 55 - 70 70 - 80
තක්කාලි 180 -200 250 - 300
රාබු 50 - 80 80 - 100
නෝකෝල් 120 -150 160 - 180
පිපිඤ්ඤා 50 -70 70 - 80
අර්තාපල් අල 130 -140 150 - 160
වැට වැටකොළු 130 -150 160 - 180
බණ්ඩක්කා 40 - 70 50 - 70
පතෝල 160 -180 180 - 200
කරවිල 250 -280 280 - 300
වට්ටක්කා 120 - 130 130 - 140
වම්බටු 320 - 350 300 - 350
මෑ කරල් 90 - 120 100 - 120
දඹළ 160 -200
අමු මිරිස් 320 -350 340 - 370
මාළු මිරිස් 450 - 500 500 - 550
ලොකු ලුනු 130 -140 130 - 140