මොලේ ඇතිව වැට පනින අලි


අධිවේගී මාර්ගයේ  මත්තල ගුවන්තොටුපල මාර්ගයේ අන්දර වැව කැලෑවේ සිට අධිවේගී මාර්ගය හරහා ගමන් ගන්නා වන අලි හේතුවෙන් දැඩි ජීවිත තර්ජනයක් ඇති වී  තිබෙන බව වාහන රියදුරන් පවසති.

ඊට හේතු වී ඇත්තේ  විදුලි වැට නිසි අයුරින් පාලනය නොකිරීමෙන් බව ආරංචි මාර්ග සඳහන් කරයි. එලෙස අධිවේගී මාර්ගය හරහා ගමන් ගන්නා වන අලින් විදුලි වැට කඩා නැවතත් අන්දරවැව කැලෑවට ගමන් ගැනීමට පෙළඹී ඇත.

මෙය අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන රියදුරන්ට දැඩි ජීවිත තර්ජනයක් බව ඔවුහු පවසති. 

මේ පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ  බලන අධ්‍යක්ෂක ආර්. ඒ. ඩි . කහටපිටිය මහතාගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ,
"මේ ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර රැසක් අරගෙන තියෙනවා. වන ජීවී අධිකාරිය සමඟ එක් වී  අපගේ කාර්ය මණ්ඩලයේ සමඟ  එලෙස පැමිණෙන වන අලින් පන්නා දැමීමට අවශ්‍ය කටයුතු කරනවා සේම , විදුලි  වැට අසල හන නමැති උල් කටු ශාක වර්ගය සිටු විමට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.

එම ශාක වර්ගයට වන අලින් යම් බියක් දක්වන බවට අනාවරණය වෙලා තියෙනවා.ඒ වගේම විදුලි වැට නඩත්තුවට සහ පාලනයට යොදා තිබෙන්නේ ඒ පිළිබඳ මනා දැනුම් තේරුම් ඇති සේවකයන් බව පවසනවා."

 



Recommended Articles