මොරගහකන්දට යටවූ ඇලගමුව ගම යළි මතුවෙයි


පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග මොරගහකන්ද ජලාශයේ ජලය සිදි යෑමෙන් පැරණි ගම්මාන රැසක් යළි මතුව තිබේ.

වසර ගනනාවක් තිස්සේ ගොවි පවුල් රැසක් ජිවත්වු ඇලගමුව ගම්මානය වඩාත් පෙනෙන අන්දමින් මොරගහකන්ද ජලාශයෙන් මතුව ඇති අතර ඇලගමුව ගම්මානයේ පිහිටි පාසල් මෙන්ම නිවාස රැසක් ද මේ අනුව පැහැදිලිව දක්නට ලැබෙයි.

ගොවින් විසින් වගාකරනු ලැබු කුඹුරු රැසක පොළොව වියළි කාලගුණික තත්ත්වයත් සමග වියලී ඉරි තැලි ඇති අයුරු මේ දිනවල දක්නට ලැබෙන දසුන් අතර විශේෂ තැනැත් ගනු ලබයි.

ක්‍රමිකව සිදි යන මොරගහකන්ද ජලාශයේ ජිවත් වු මසුන් රැසක් ද මියගොස් ඇති අයුරු ඇලගමුව පැරණි ගම්මානයේ සිදුකල සංචාරයේ දී දක්නට ලැබුනි.

වසර ගනනාවක් තිස්සේ දු දරුවන් රැසකට අධ්‍යාපනය සැපයු ඇලගමුව විද්‍යාලය ද මේ වන විට දර්ශනය වන අතර එහි පිහිටි බුදු මැදුර මෙන්ම දු දරුවන් ජලය ලබාගත් ළිද ඇතුළු පාසලේ බොහෝ ස්ථාන රැසක් ද දක්නට හැකිය.

මොරගහකන්ද ජලාශය ඉදිකිරිම හේතුවෙන් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කඹරව,ගල්පොරුගොල්ල,ඇලගමුව,කෝගහවෙල,මැදපිහිල්ල,රජාවෙල ආදී ගම්මාන හයක පවුල් දස දහසක් අවතැන් විනි. එම පවුල් සදහා මොරගහකන්ද  කළුගග ව්‍යාපෘතිය යටතේ ඉඩම් හිමි විය.

අතීතයේ පවුල් වශයෙන් ජිවත් වු ගම්මාන රැසක ජනතාව ජිවත් වු ගම්මාන රැසක් තවමත් ජලයෙන් යටවි ඇති අතර ඉදිරියේ දී වැසි නොලැබුනහොත් එම පැරණි ගමමාන ද දර්ශනය වනු ඇත.

නාඋල - ඉන්දික අරුණ කුමාර



Recommended Articles