මොනරගල දිස්ත්‍රික්කයට බලපා තිබූ දැඩි නියං තත්වය නිමාකරමින් ඊයේ (09දා) සවස මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇදහැලුණු අතර අයිස්කැටද පොළොවට පතිතවූ බව ප්‍රදේශවාසීහු පවසති.
මොනරාගල,බුත්තල,මඩුල්ල සහ සියඹලාණ්ඩුව යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වලට මෙලෙස මෙලෙස වැසි ලැබිණි.
මොනරාගල වැදිකුඹුර,මාරාව 32 කොටස යන ප්‍රදේශය වලට විනාඩි දෙකක පමණ කාලයක් වැස්සත් සමඟ අයිස්කැට පතිතවිය.
මහ වැස්සත් සමඟ ගස් කඩාවැටීමෙන් නිවාස දහයකට පමණ අර්ධ හානි සිදුවී ඇති බව මොනරාගල ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ඒ.එච් රවීන්ද්‍ර කුමාර මහතා සඳහන් කළ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ඒ පිළිබඳව විස්තර ලබාගෙන වන්දි ගෙවීමට කටයුතුකරන බව සඳහන් කළේය.
මොණරාගල සුමනසිරි ගුණතිලක