පාස්කු ප්රහාර නඩුව අනුව හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට නියම වූ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීම වෙනුවෙන් කලාකරුවෙක් වන සුදත්ත තිලකසිරි මහතා ඊයේ (17දා) කොළඹ කොටුවේදී කැට සොලවා මුදල් එකතු කිරීමක් සිදු කළේය.
මෙහිදී රුපියල් 1810ක මුදලක් එකතු වූ අතර එම මුදල ඔහු විසින් හිටපු ජනපතිවරයා වෙත භාරදීමට කටයුතු කෙරිණ.
හිටපු ජනපතිවරයා පසුගියදා ප්රකාශ කළේ අධිකරණයෙන් නියම වූ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීමට ප්රමාණවත් තරම් වත්කමක් තමන්ට නොමැති හෙයින් එම මුදල් හිතවතුන්ගෙන් ලබා ගැනීමට කටයුතු කරන බවයි.