මෛත්‍රි - ඩුටාර්තේ හමුව පැවැත්වෙයි


පිලිපීනයේ පස් දින නිල සංචාරයක් සඳහා එක්ව සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටාර්තේ මහතා අතර අතර හමුව එරට මැලකැනැන් මන්දිරයේදි සිදුව තිබේ.

පිලිපීන වේලාවෙන් පස්වරු 4.00ට පමණ ජනපතිවරයා එම මන්දිරයට පැමිණ තිබේ. ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් දෙපළ අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.

ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් දෙපළ අතර ගිවිසුම් 6කටද අත්සන් තැබීය.ශ්‍රී ලංකා හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගෙන් පසුව පිලිපීනයේ නිල සංචාරයකට එක්වන පළමු ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා වන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.

එසේම මේ වසරේදී පිලිපීනයේ නිල සංචාරයකට එක්වන පළමු රාජ්‍ය නායකයා වන්නේද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.



Recommended Articles