2024 වසරේ 01/01 දින සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් ප්‍රමාණය 06/29 දින දහවල් දශ ලක්ෂය ඉක්මවා ගියහ.
ඒ අනුව දශ ලක්ෂය වැනි සංචාරකයා ලෙස අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි පෝල් රෝයි (Paul Roe ) සහ පැට්‍රීෂියා රෝයි ( Patricia Roe ) යුවළයි.
ඔවුන් 06/29 දින දහවල් 12.40 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා උත්කර්ෂවත් උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ පැවති අතර ඒ සදහා ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරුන් , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ සුභාෂිණි පෙරේරා , එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හරීන්ද්‍රා විජේවර්ධන , කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ තොරතුරු කේන්ද්‍රයේ කළමනාකරු වාසනා කුමාරි යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියහ .