මුදවා ගැනීමේ නියෝජිතයන් නැවට ගොඩ වෙයි


බොරතෙල් ප්‍රවාහන නෞකාවේ දෙවැනි වරටත් ඇතිවූ ගින්න පාලනය කිරීමෙන් අනතුරුව එම නෞකාවට මුදවා ගැනීමේ සමාගමේ නියෝජිතයන් ගොඩ වී ඇති බව වාර්තා වෙයි.

නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර නෞකාවෙන් දුමක් හෝ පිට නොවන බවට ගුවන් හමුදාව අලුතින් නිකුත් කළ ඡායාරූප වල දැක්වෙයි.

මේ අතර නෞකාව ආශ්‍රිතව පවතින ඩීසල් ඉන්ධන පැල්ලම තවදුරටත් පවතින බව වාර්තා වෙයි.



Recommended Articles