මිහින්තලේ ආලෝක පූජාවට මුදල් නැතිව විදුලිය දෙන්න බෑ කියයි


මිහින්තලේ  රජ මහා විහාරස්ථාන මැද මළුවේදී අද (24දා) පස්වරුවේ දී පැවති අවසන් පොසොන් කමිටු රැස්වීමේදී මිහින්තලය ආලෝක පූජාවට සහ මිහින්තලේ පෙරහැරට සහ මංමාවත් සඳහා ගෙවීමකින් තොරව විදුලිය ලබා දිය නොහැකි බව මිහින්තලේ විදුලි අධිකාරී දම්මික ප්‍රභාත් සරණතිස්ස මහතා විසින් නිල නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ එම කමිටු රැස්වීම අවසානයේ දී මිහින්තලේ නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය විදුලි බිලට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ.

මෙහිදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ගේ මාසික වැටුප වන රුපියල් 54285ක මුදලක්,  ඒ මහතාගේ ලේකම් උදය දේශප්‍රිය මහතා විසින්   විදුලි බිලට ආධාර ලෙස පරිත්‍යාග කළහ.

මිහින්තලය මහජන පොළ පැවැති පිඬු සිඟා වැඩම කළ මහා සංඝරත්නය වෙත  මහජන පොලේ වෙළඳුන්, පාරිභෝගික ජනතාව, අන්‍යාගමික තමන්ට හැකි පමණින් මුදල් ආධාර පරිත්‍යාග කළහ.

මෙහිදී අදහස් දැක්වූ  මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්. 

 "2331 වන පොසොන් පින් කම ලබන මාසේ දෙවැනි ද පටන් ගන්නවා ජල සම්පාදනය නම් ගැටලුවක් නෑ. පැමිණෙන  පිරිසට අවශ්‍ය කරන ජලය සීමාවකින් තොරව ලබා දීමට කටයුතු කරන බව දැන් වූවා. ප්‍රධාන ගැටලුව තමයි විදුලිය. විශේෂයෙන් රාත්‍රී කාලයේ දී, අද පොසොන් කමිටුවට පැමිණි  මේ නිලධාරීන් ඒ ඔක්කොම එකතු වෙලා කැප වෙලා වැඩ කරනවා.

එතුමන්ලා අපි ප්‍රශංසා කරනවා. මේ කටයුත්ත වෙනුවෙන් දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් මේ විදුලි නිලධාරීන්ට   විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ ඇවිල්ලා තියන නියෝගය තමයි මුදල් ලබා දෙන්නේ නැතුව විදුලිය සැපයුම ලබා දෙන්න එපා කියන එක. නිලධාරීන්ට කරන්න දෙයක් නැහැ. 

මේ වගේ රාජ්‍ය උත්සවයකට, පූජනීය කටයුත්තකට ඇයි මෙහෙම කරන්නේ. පාර්ලිමේන්තුවේදී කතා කරා නේද  මේ ප්‍රශ්නය මේ අයට ඇස් පේන්නේ නැද්ද? කන් ඇහෙන්නෙ ඇහෙන්නේ නැද්ද? දන්නේ නැහැ. මේ කෙරෙහි නැඹුරුවක් ඇත්තෙම නැහැ.  අද මේ සියළුම දෙනා මෙතෙන්ට පැමිණෙනිලා ඉන්නේ බැතිමතුන්ගේ යටිතල පහසුකම් සැපයීමේ පිළිබඳ සාකච්ඡා කරන්න මේ සියලු දේවල් කරන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් උදෙසායි. 

පන්දම් පත්තු කරගෙන තමයි පෙරහර කරන්න වෙලා තියෙන්නෙ. කන්ද තරණය කරන්න වෙලා තියෙන්නෙ, ඒ පළමු අඩහැරය මේ පොසොන් එකෙන් පටන් ගන්නවා.  මේක ලංකා සිතියමට අයිති බිමක්, අනුරාධපුර දිස්ත්රික්කයේ නුවරකලාවිය මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 577 තුලානේ තමයි මේ මිහින්තලා රජමහ විහාරය පිහිටා තිබෙන්නේ.

රජය කිසිදු සැලකිල්ලක් නැති බව දැන් අපට පේනවා. මම මේ සියලු දෙනාට එක දෙයක් කියන්න කැමතියි කොහොමහරි ආලෝක පූජාවත් මිහිදු මහා පෙරහැර පවත්වනවා. මේ අයට මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්න බැරිනම්  පොසොන් උත්සවය රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කරපු එක වහාම අවලංගු කරන්න ඕනේ."

මෙහිදී අවසාන ලෙස අදහස් දක්වමින් මිහින්තලා පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා මෙසේ පැවසීය .

"මෙවර පොසොන් උත්සවය සඳහා මුදල් ගෙවීමට යම් යම් බාධා ඇතිවී ඇතිවී තිබෙන බව පෙනී ගියා. එන බැතිමතුන් හට අවම මට්ටමකින් හෝ පහසුකම් සපයන්න අපි හැමෝගෙම  වගකීමක් තියෙනවා, ජල සම්පාදන මණ්ඩලය විදුලි විදුලිබල මණ්ඩලය ප්රාදේශීය සභාව කාරුණිකව  නායක හිමිපාණන් වෙනුවෙන් තවම මට්ටමකින් හෝ පහසුකම් සපයන්න ඔබ සැමගේ උපරිම සහයෝගය ලබා දෙන්න ලබා දෙන්න කියා ඉල්ලා සිටිනවා"

 



Recommended Articles