මිලියන 109ක කඩදාසි විනාශ වීමට ඉඩහැරලා


පාසල් පෙළපොත් මුද්‍රණය ඇතුළු වෙනත් මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන එකසිය නවයක වියදමින් ගෙන්වන ලද කඩදාසි තොගයක්රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් විනාශ වීමට ඉඩහැර තිබෙන බව 'අද'ටවාර්තාවේ.

පසුගිය වසරේ සිට මේ වසරේ ජනවාරි මාසය දක්වා අවස්ථා 07කදී ටෙන්ඩර්කරුවෙකුගෙන් ලබාගත් කඩදාසි මෙට්‍රික්ටොන් 1,626ක් මෙලෙස විනාශ වී යෑමට ඉඩ හැර තිබේ.

කඩදාසි තොගය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගරාජවල හා තාවකාලික මඩුවල ගොඩගසා තිබෙන බවත්, අදාළ කඩදාසි තොගය ලබාගැනීම පිළිබඳ ගැටලු ඇති වී තිබෙන බවත්%අද^ට වාර්තා වේ.

කඩදාසි තොග ලබාදිය යුතු නියමිත කාලයට ලබා නොදීම හේතුවෙන් ටෙන්ඩර්කරුගෙන් රුපියල් මිලියන 19.2ක් අයකරගන්නා ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණන විමසුමකින් පෙන්වා දුන්නද, මෙතෙක් ප්‍රමාද ගාස්තුවක් අයකරගැනීමට කටයුතු කර නොමැත.

මේ වසරේ අප්‍රේල් 06 වැනිදා නිකුත් කළ විගණන විමසුමකින් අදාළ මුදල අයකරගන්නා ලෙස උපදෙස් ලබාදී තිබේ.

අදාළ කඩදාසි තොගය ලැබීම ප්‍රමාද වීම මූලික කරගනිමින් මෙරට බලධාරීන් කිහිපදෙනෙකු ඒ වෙනුවට දේශීය ගැනුම්කරුවෙකුගෙන් කඩදාසි මිලදී ගෙන තිබෙන බවද වාර්තා වේ.

මේ ආකාරයට කඩදාසි මිලදී ගත්තද, එම කඩදාසි තොගයෙන් විශාල කඩදාසි ප්‍රමාණයක් මෙතෙක් භාවිත කර නොමැති බවද මුද්‍රණ සේවකයෝ සඳහන් කරති.

මේ හේතුවෙන් කඩදාසි ගබඩාව සම්පූර්ණයෙන්ම පිරී පවතින බවත්,එබැවින් කඩදාසි තොග පිටත ස්ථානවල ගබඩා කර තිබෙන බවත් වාර්තාවේ.

ටෙන්ඩර්කරු කඩදාසි ලබාදීම හේතුවෙන් අදාළ කඩදාසි තොග ප්‍රතික්‍ෂේප කිරීමට බලධාරීන්ට හැකියාව තිබූබව සේවකයෝ පෙන්වා දෙති.



Recommended Articles