ශ‍්‍රී ලංකා - මියන්මාර් ජනපතිවරුන් අතර හමුවක් නේපාලයේදී පවත්වා තිබේ. බිම්ස්ටෙක් සමුළුවේ හතරවන රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට නේපාලයට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ මියන්මාර් ජනාධිපති වින් මයින්ට් මහතා අතර හමුව කත්මණ්ඩු නුවරදී පැවැත්විණ. නුදුරු දිනකදීම තමන් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බව මියන්මාර ජනපතිවරයා පවසා තිබේ.