මිදිගම රුවන් ලංකාවට රැගෙන එයි


සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු වන 31 හැවිරිදි ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා , කොළඹ ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඩුබායි සිට අත් අඩංගුවට ගෙන 05/31 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

මිදිගම රුවන් දැනට අත් අඩංගුවේ පසුවන හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ මස්සිනා බවට කරුණු අනාවරණය කර ගෙන තිබේ .

මොහු මීට මාස දෙකකට පමණ පෙර ඩුබායි හි සමාජ ශාලාවක ඇති කර ගත් ගැටුමකදී එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන තිබේ .

මිදිගම රුවන් ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසියේ රතු නිවේදන ලැයිස්තුවේ සදහන් අපරාධකරුවෙකි .

කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයෙකු යටතේ විශේෂ පොලිස් නිලධාරීන් පිරිසක් ඉකුත් 05/28 දින  ඩුබායි වෙත ගොස් මිදිගම රුවන් එරට ආරක්ෂක අංශ මගින් භාර ගෙන මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

ඔවුන් 05/31 දින අලුයම 05.45 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළේ දී දැඩි ආරක්ෂක රැකවරණ යටතේ පිටතට ගත් මොහු , කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය වෙත , වැඩිදුර විමර්ශන කටයුතු සදහා රැගෙන යාමට පියවර ගෙන තිබුණි .

 



Recommended Articles