මැස්සෝ ගම්මාන කිහිපයක් ආක්‍රමණය කරති


මැසි වංසගතයක් හේතුවෙන් දළුව,නර්මලපුර ඇතුළු ගම්මාන රැසක ජනතාව මාසයනට ආසන්න කාලයක සිට පාචනය,උණ ඇතුළු බෝවන රෝග රැසකින් පිඩාවට පත්වි ඇති බව කියයි.

මෙම තත්වය දළුව, නිර්මලපුර,කජූවත්ත,ගෙවල් 80, හා මින්නිය, ඇතුළු ගම්මාන රැසක සිග්‍රයෙන් පැතිරි යන බව වාර්තාවෙයි.

ජනතාව පවසන්නේ දෛනිකව පුත්තලම මූලික රෝහලටත් මාම්පුරිය ප්‍රාදේශීය රෝහලටත් එසේම වෛද්‍යවරුන්ගේ පුද්ගලික වෛද්‍ය  මධ්‍යස්ථාන වෙත සිය ගනනක් යාම සිදුවන බවයි.

මැස්සන් වසංගතයක් ලෙස තම නිවෙස් වල විශාල වශයෙන්  ආක්‍රමණය කරමින් ඇති බවත් ඒ හේතුවෙන් ආහාර පිස ගැනිමටත් පිස ගන්නා ආහාර ගැනිමටත් නොහැකි ලෙස මැස්සන් ගැවසිම තම දෛනික ජීවිතයට තර්ජනයක් වි ඇති බව ජනතාව පවසයි.

කල්පිටිය අර්ධද්වීපයට අයත් දළුව ඇතුළු ගම්මාන වල ජනතාව පවසන්නේ තමන් තම වගාවන්ට රසායනික පොහොර භාවිතයට හුරුව තිබුනද එය නොමැති විමත් සමග කුකුළු ගොවිපලවලින් ඉවත් කරන දහයියා මිශ්‍ර කුකුළු පොහොර මේ වන විට සිග්‍ර වශයෙන් භාවිතයට ජනතාව හුරු විම මෙම තත්වයට හේතු වී ඇත්දැයි සැක මතුව ඇති බවයි.

මේ පිළිබදව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ක්‍රිශාන්ත බාලසුරිය මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියෙ මෙවැන්නකී.

“පසුගිය වර්ෂවල මේ තත්වය තිබුනාද කියලා මට වාර්තා වි නැහැ.නමුත් යම් රෝගීන් ප්‍රමානයක් වැඩිවි තිබෙනවා.නමුත් අවධානම් තත්වයක් අපිට වාර්තා වි නැහැ" 

 



Recommended Articles