මාස කිහිපයක විවාහය එපාවී මහගෙදරට ආපු බිරිඳව සැමියා පැහැරගනියි


මාස කිපයක විවාහය ඒපා වී නැවත හලාවත මුනුවන්ගම ප්‍රදේශයෙ මවිපියන්ගේ නිවසේ රැදි සිටි තරුණ කාන්තාවක් විවාහක සැමියා ඇතුළු පිරිසක් කඩා වැදි බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.

මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ හලාවත මානුවන්ගම ප්‍රදේශයෙ මව්පියන්ගේ නිවසේ සිටි 18 හැවිරිදි විවාහක කාන්තාවක් බව පොලිසිය පවසයි.

අදාල පැහැර ගැනිම 19 දින උදැසන සිදුව ඇති අතර එම පැහැර ගැනිමට පැහැර ගැනිමට ලක්වු තරුණ කාන්තාවගෙ විවාහක සැමියා ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමින ඇති බව පරික්ෂණ වලදි හෙළිව ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.

මෙම පැහැර ගැනිමට ලක්වු තරුණිය හලාවත ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය හදාරමින් සිටියදී උපකාරක පංති වලට සහභාගි වෙමින් සිටියදී හදුනා ගත් තරුණයකු සමග හාද කමක් පවත්වා ඇති බවත් ඒ අනුව මව්පියන්ට හොර රහසේ දඹුල්ල ප්‍රදේශයෙ එම  තරුණයා සමග නිවසට හොර රහසේ පැන ගොස් තිබු බව කියයි.

කෙසේ නමුත් මෙම තරුණයා සමග විවාහ වී ඇති මෙම තරුණිය මාස කිපයක් පමනක් එකට දිවි ගෙවා ඇති නමුත් පසුව 19 හැවිරිදි තරුණ සැමියා විසින් සිදුකල හිරිහැර ඉවසා ගත නොහැකිව ඇති බව කියයි.

තමන් පත්ව ඇති තත්වය පිළිබදව පසුව කඩිනමින් මව්පියන්ට දැනුවත් කර ඇති අතර ඔවුන් ලබා දුන් උපදෙස් මත පසුගිය මාර්තු 20 දින විවාහක සැමියා සමග මහනුවර නගරයට පැමින ඇති බවත් එයින් පසු  සැමියාට සැක නොසිතන ලෙස මගහැර මව්පියන් සමග ආපසු හලාවත මානුවන්ගම නිවසට පැමිනි ඇති බව පැවසෙයි.

එසේ මව්පියන්ගේ නිවසේ රැදි සිටියදී අදාල විවාහක සැමියා තවත් පිරිසක් සමග වෑන් රථයකින් පැමින තම විවාහක බිරිද බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇති බව  පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.

එම පැහැර ගැනිම සිදුවන අවස්ථාවේදි මෙම තරුණ කාන්තාවගෙ මව පමනක් නිවසේ සිට ඇති බවත් ඇයටද මෙම පිරිස පහර දී තරුණිය විලාප තබා කෑගසන විට පැහැර ගැනිම සිදුව ඇති බව කියයි.

පැහැර ගැනිමට පැමිනි සැමියා හා අනිකුත් පිරිස හා පැහැර ගත් තරුණ කාන්තාව සොයා හලාවත මුලස්ථාන පොලිසිය මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබේ.



Recommended Articles