මාලි විරුවන්ගේ දේහ රැගත් ගුවන් යානය පැමිණෙයි


මාලි හි ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් එකස්ත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්ව රාජකාරී කළ රණවිරුවන් දෙදෙනාගේ දේහයන් රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

පස්වරු 3.00ට පමණ යානය කටුනායකර ළඟා වූයේය. එම විරුවන්ගේ දේහයන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් භාර ගැනී ගැනීමට නියමිතව තිබේ.

මෙම හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහයන් සෙනසුරාදා (02 දා) ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතව තිබුණත් එම දේහයන් ශ්‍රී ලංකාවට ගෙන ඒම ප්‍රමාදවිය.ඒ ගුවන් යානා ප්‍රමාද වීමක් හේතුවෙනි. 

25දා සිදුවූ මෙම ප්‍රහාරයෙන් එවකට කපිතාන් ධුරයේ සිට පසුව මේජර් ධුරයට උසස් කළ මේජර් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම මහතා කෝප්‍රල් ධුරයේ සිට සැරයන් ධුරයට උසස්කළ එස්.එස්. විජේවික්‍රම ජීවිතක්ෂයට පත්විය.

ඡායාරූප ශමීර රජපක්ෂ

 



Recommended Articles