මාර්ගයේ කොටසක් සමග නිවාස 4ක් කාසල්රී ජලාශයට


නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව බලංගොඩ මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් සහ ඒ අසල පිහිටි නිවාස හතරක් අද (15දා) උදෑසන 11.30 පමණ කාසල්රි ජාලාශයට නාය ගියේය.

නෝර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් හා  නිවාස පහක් නායයාමේ අවදානමට සක්‍රිය වීම හේතුවෙන් එහි පදිංචි පවුල්  5 කට අයත් සාමාජිකයන් 23 දෙනෙකු ස්ථිරවම ඉවත් කරනු ලැබීම හේතුවෙන් කිසිවෙකුත් හානියක් සිදු නොවීය.

අද (15දා) උදෑසන වනවිට ප්‍රධාන මාර්ගය අඩි 10 පමණ ගිලා බැස තිබූ අතර උදෑසන 11.30 පමණ මාර්ගයට ඉහළින්වූ  විශාල  පස් කන්දක් සමග ප්‍රධාන මාර්ගයේ විශාල කොටසක් හා නිවාස 4 ක් කාසල්රී ජලාශයට ඇදි ගොස් තිබේ.

ඒ අසලම තවත් නිවාස කිහිපයක්ද නායයෑමේ අවදානමට ලක්ව ඇත.

 



Recommended Articles