ගස් කැපීමෙන් සිදුවන වන විනාශයට පිළියමක් ලෙසත්, පරිසර සුරක්ෂිතතාවය ඇති කිරීමටත් මෘත ශරීර බහාලීම සඳහා අඩු වියදම් කාඩ්බෝඩ් පෙට්ටියක් (කාඩ්බොඩ් මිනී පෙට්ටියක්) හඳුන්වාදීමට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව කටයුතු කළේය.
මෙම මෘත ශරීර බහාලන පෙට්ටිය මහ නගර සභාවේ නගරාධිපති නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතාගේ හා සෞඛ්‍ය අමාත්‍යාංශය, රෝහල් වෛද්‍ය අධිකාරී වරයාගේද උපදෙස් පරිදි අත්තිඩිය සුසාන භූමියේදී හදුන්වා දෙනු ලැබූ අතර , එම පෙට්ටියේ සෞඛ්යාරක්ෂිත ක්‍රමයට අනුව බහාලූ ප්‍රථම කෝවිඩ් මෘත දේහය කොහුවල සුසාන භූම් ආදාහනාගාරයේදි සිදු කරනු ලැබිණි .
මේ පිළිබඳව දෙහිවල ගල්කිස්ස නගරාධිපති නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා මෙසේ පැවසීය .
පළාත් පාලන ආයතනයක යුතුකම වන්නේ තම නගරයේ බදු ගෙවන ජනතාවගේ උපතේ සිට මරණය දක්වා සියලු කටයුතු වලදී පහසුකම් සැලසීමයි
කෝවිඩ් වසංගතයෙන් මියයන පවුල්වල සාමාජිකයන්ට තම ඥාතිවරයාගේ මලසිරුර ආදාහනය කර ගැනීමටවත ආර්ථික ශකතියක් නැති අය ඉන්නවා.
ඒ සදහා යම් සහනයක් වශයෙන් රුපියල් 10,000/= ක් වැනි අඩු මිලකට එවැනි මෘත දේහයන් ආදාහන කටයුතු සඳහා යොමු කිරීමට මෙම ව්‍යාපෘතිය හඳුන්වා දුන්නා.”
දෙහිවල එච් එම් ධර්මපාල