මහියංගනය පුදබිම පූජා භූමියක් වෙයි


ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය  උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්  වෙත පිළිගැන්වීය.

මෙත් සවිය නිර්මාතෘ තාරකා විද්‍යාඥ, කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා  මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් "මෙත් සවිය මනස අධ්‍යාපන මෛත්‍රී සංසදය "මගින් විල්ලුව වැව මධ්‍යයේ ඉදිකළ අඩි 102 ක් පමණ  උසින් යුත් සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරිම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

 



Recommended Articles