හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවැති ඉෆ්තාර් උත්සවයකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතා සම්බන්ධ වී තිබේ.
මෙම ඉෆ්තාර් උත්සවය කොළඹ පිහිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්විණ. ඔවුන් දෙදෙනා අතර සුහද කතාබහක් මෙහිදී ඇතිව තිබුණත් වැඩිදුර තොරතුරු මාධ්‍යයට වාර්තා නොවේ.