මහනුවර - යාපනය ඒ-නවය මාර්ගයේ මහවෙල - දිඹුල්ගමුව ප්රදේශයේදී අද (31දා) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල ලබා නාලන්ද හා මාතලේ රෝහල්වලට ඇතුළත් කළ බව මහවෙල පොලීසිය පවසයි.
තලවාකැළේ සිට දඹුල්ල බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුරට ලක් වූ ලංගම බස් රථයේ වැඩි පිරිසක් පාසල් දරුවන් සිට ඇති අතර තුවාල ලැබූ 13 දෙනෙකු මාතලේ රෝහලට ඇතුළත් කිරීමට මහවෙල පොලිසිය කටයුතු කර තිබේ.
සෙසු තුවාලකරුවන් 14 දෙනා නාලන්ද රෝහලට ඇතළත් කර තිබේ.
නාලන්ද රෝහලට ඇතුළත් කර සිටි බරපතළ තත්ත්වයේ සිව් දෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා මාතලේ මුලික රෝහලට මාරුකර යවා තිබේ.
තුවාලකරුවන් අතර පාසල් සිසුන් සිවි දෙනෙක් හා එක් සිසුවියක් සිටින බව පොලිසිය පවසයි.
පෞද්ගලික බස් රථයේ රියදුරු මහවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාඋල - ඉන්දික අරුණ කුමාර