“සියක් නගර” සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් අවසන් කරන ලද සංවර්ධන ව්‍යාපෘති දෙකක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ මස 08 වැනිදා මහනුවර දී ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එම සැලසුම අනුව ව්‍යාපෘති 02 ක් යෝජනා වී ක්‍රියාත්මක කෙරුණු අතර එම ව්‍යාපෘති 02 හඳුන්වා දී තිබෙනුයේ මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන් සඳහා පොදු පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ලෙස ටොම්ලින් උද්‍යානය සකස් කිරීම සහ නාගරික රථගාල මත මහනුවර නගරයේ පොදු පහසුකම් උද්‍යානයක් ඉදිකිරීමයි. මෙම නාගරික රථගාල තුළ රථවාහන 700 ක් නවතා තැබීමට අවස්ථාව සලසා තිබේ. මෙමඟින් මහනුවර නගරයේ රථවාහන තදබදය අවම කිරීම ද සිදුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අවධාරණය කරයි.
එම සකස් කරන ලද ටොම්ලින් උද්‍යානය රුපියල් මිලියන 373.89 ක වියදමකින් ගොඩනගා තිබේ. මේ යටතේ ප්‍රධාන වශයෙන් අංශ 03 ක් සංවර්ධනය සිදුකරන ලදී. එනම් වන්දනාකරුවන්ට විවේක ගැනීම සඳහා කාමර පහසුකම් ඉදිකිරීම, සනීපාරක්ෂක පහසුකම් ඉදිකිරීම සහ වන්දනාකරුවන්ට අවශ්‍ය දෑ මිලදී ගැනීම සඳහා වෙළඳකුටි 16 ක් ඉදිකිරීම සිදුකෙරිණ.
එමෙන් ම මහනුවර නගරයේ පොදු පහසුකම් උද්‍යානය රුපියල් මිලියන 531.12 ක වියදමින් ඉදිකෙරුණි. මෙම උද්‍යානය අංශ 04 ක් යටතේ පහසුකම් සලසා තිබේ. ඒ අනුව දේශීය ආහාර වෙළදාම් කිරීම සඳහා හෙළ බොජුන් හලෙහි වෙළෙන්ඳන් 20 දෙනෙකුට වෙළදාම් සිදු කිරීමට ස්ථානයක් ඉදිකිරීම, මහනුවරට ආවේණික පාරම්පරික ද්‍රව්‍ය ප්‍රදර්ශනය කිරීමට සහ වෙළදාම් කිරීම සඳහා වෙළඳ කුටි 100 කින් සමන්විත ස්ථානයක් ගොඩනැගීම, මහනුවර නගරයට විශාල අඩුවක්ව පැවති සංස්කෘතික සංදර්ශන වැනි දෑ පැවැත්වීම සඳහා වේදිකාවක් සහ ආසන 600 ක් සහිත විවෘත ස්ථානයක් ඇතිකිරීම සහ සනීපාරක්ෂක පහසුකම් ඇතිකිරීම යන අංශ එම පහසුකම් ලෙස දැක්විය හැක.