අතේ ඇඟිලි හතරක් කැඩී ගිය පුද්ගලයෙකුට සාර්ථකව සැත්කමක් කර එම ඇඟිලි සියල්ල සාර්ථකව බද්ධ කිරීමට මහනුවර ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල ශෂංක රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් සමත්ව තිබේ.
විදුලියෙන් ක්‍රියා කරන ධාන්‍ය ඇඹරීම සඳහා යොදා ගන්නා ඇඹරුම් යන්ත්‍රයට අත අසුවීමෙන් පසු අදාළ පුද්ගලයා ඇඹරුම් යන්ත්‍රයද සමඟ ඊයේ (04දා) මහනුවර ශික්ෂණ රෝහලට ගෙනවිත් ඇත.
අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයේ පදිංචි තුවාලකරුට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පැය පහක සැත්කමක් සිදුකර තිබෙන අතර සැත්කමින් පසු මොහොමඩ් ෆයිසාල් නැමැති තිස් නව හැවිරිදි තුවාලකරු රෝහලේ 22 වාට්ටුවට ඇතුළත් කර තිබෙන අතර ඔහු සුවෙන් පසුවන බවද වෛද්‍යවරු පවසති.
මෙම රෝගියා වඩේ සාදා අළෙවි කර ජීවිකාව ගෙන යන බවත් මෙම ඇඹරුම් යන්ත්‍රය පරිප්පු ඇඹරීම සඳහා යොදා ගන්නා අතර සිද්ධිය වූ දින ඔහු පොල්කුඩු දමා එම ඇඹරුම් යන්ත්‍රය පිරිසිදු කරමින් සිටියදී එය එක්වරම ක්‍රියාත්මක වී ඇඟිලි සියල්ල යන්ත්‍රය තුළ සිරවී තිබෙන බවත් ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය රත්නායක මහතා පවසයි.
මැදඟිල්ල හා වෙදඟිල්ල සිව් ස්ථානයකින්ද දබරඟිල්ල හා සුලැඟිල්ල ස්ථාන දෙකකින්ද කැඩී ගොස් තිබුණු බවත් සමට හා පටක වලට දැඩි හානි සිදුව තිබුණත් අතේ රුධිර නාළ වලට අවම හානි මට්ටමක පැවතීම නිසා සැත්කම සාර්ථකව සිදු කිරීමට හැකි වූ බවත් පවසයි.
රෝගියා රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව එම අත් සමග ගෙනවිත් තිබු යකඩ යන්ත්‍ර කොටස කපා ඉවත් කිරිම සදහා කියතක් භාවිතා කල නොහැකි තත්වයක් උදාවු නිසා ඇබරුම් යන්ත්‍රය කපා ඉවත් කිරිම සදහා මහනුවර නගරසභාවේ ගිනි නිවිම් ඒකකයෙන් වශේෂ යන්ත්‍රයක් ගෙන්වා ඔවුන් එම යකඩ කොටස කපා ඉවත් කර තිබේ.
චමිල් රූපසිංහ