මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70වැනි සංවත්සර සැමරුමක් ලංකාවේදී


මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවා වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංගමය සංවිධානය කළ සැමරුම් උත්සවයක් ඊයේ (26දා) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණ.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරිය හා ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ.

මෙහිදී කථානායක කරු ජයසූරිය, හිටපු අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩීව් ගුණසේකර, චීන තානාපති චෙංග් ෂියුආන් යන මහත්වරුන් දේශනා පැවැත්වූහ.

ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ

 



Recommended Articles