බන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කළ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මහතා මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටියි. 2005 වසරේ ශ්‍රී ලංකා බොක්සින් ශූරයෙකු වූ ඔහු මේ වසරේ ජාතික බොක්සින් ශූරතාවයට ද ඉදිරිපත්වීමට ද අපේක්ෂාවෙන් සිටි.
වෙසෙක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762කට ජනපති පොදු සමාව ලබාදීමේ අවස්ථාවට එක්වීම වෙනුවෙන් ඊයේ බන්ධාගාර පරිශ්‍රය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ ඒ මහතා ඉල්ලා සිටියේ තම උපාධිය සඳහා අවශ්‍ය නිබන්ධනය සම්පාදනය කිරීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙසත් ඉදිරි බොක්සින් ශුරතා තරඟයට ඉදිරිපත්වීමට අවස්ථාව සලසා දෙන ලෙසත්ය.
එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති ඔහුගේ නිබන්ධනය සම්පූර්ණකර ගැනීමට අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදෙන බව ප්‍රකාශ කළ අතර, අදාළ තරඟයට ඉදිරිපත්වීම සඳහා අවස්ථාව ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු කර දෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය වෙත උපදෙස් දුන්නේ ය.
ලක්මිණ ඉන්දික බමුණුසිංහ යනු මෙරට බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී චරිතයකි. ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කිරීමේ චෝදනා යටතේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සමග මරණ දඬුවම නියම වූ අය අතර හිටපු උප පොලිස් පරීක්ෂක ලක්මිණ ඉන්දික බමුණුසිංහද වෙයි.
බන්ධනාගාරව සිටියදී උපාධිය ලබාගත් පළමු පුද්ගලයා ලෙසින් වාර්තා අතරට එක්වූ බමුණුසිංහ ඉන් අනතුරුව පශ්චාත් උපාධියද සම්පූර්ණ කර ගැනීමට සමත්වන්නේ එවැනි දක්ෂතාවක් දැක්වූ ලංකාවේ පළමුවැන්නා බවට පත්වෙමිනි. මේ වන විට ඔහු සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කරමින් සිටියි.