මධ්‍යම කඳුකරයේ වනාන්තරවලට ගිනි තබයි


මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වයත් සමග කිසියම් පිරිසක් විසින් වනසතුන් සතුන් දඩයම් කිරීමට සහ විනෝදය සඳහා රක්ෂිත සහ ජල පෝෂක ප්‍රදේශවලට ගිනි තැබිම් සිදු කරයි.

සෑම වසරකම වසරේ මුල් කාර්තුව තුළ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පවතින වියළි කාලගුණයත් සමගම සිදු කරන ගිනි තැබිම් හේතුවෙන් විශාල පරිසර හානියක් සිදු වි ජල උල්පත් ද සිදි ගොස් ඇත.

මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග  එලෙස රක්ෂිතවලට ගිනි තබන අය පිළිබද තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානය වෙත හෝ 119 හදිසි ඇමතුම් අංශයට දැනුම් දෙන ලෙස හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා ප්‍රදේශවාසින්ගෙන් ඉල්ලා සිටියි.

රක්ෂිත වලට ගිනි තබන අය වෙතොත් එම සැකකරුන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස හැටන් පොලිස් කොට්ඨාශයේ සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද පොලිස්  අධිකාරිවරයා පැවසිය.

 



Recommended Articles