මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ ඉදිකිරීම් කටයුතු මේ වසර අවසානයේදී නිම කිරිමට හැකි බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.
කිලෝමීටර් 39.29ක් වන මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතුවලින් 60%ක් සිදුකර අවසන් වී තිබේ.
2016 වසරේදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් ආරම්භ විය. එහි දෙවැනි අදියරේ ඉදිකිරීම් සම්පුර්ණයෙන්ම කරන්නේ දේශීය කොන්ත්‍රාත්කරුවන් වීම විශේෂත්වයකි.
මෙම මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවක් ඊයේ සිදුකළේය. ඒ අවස්ථාවට තෛනිකායික මහා සංඝරත්නය, මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ.
ශමීර රාජපක්ෂ