විශ්වවිද්‍යාල තුළ නවකවදය පවතින බවට හා මත්කුඩු ජාවාරම සිදුවන බවට පවසමින් වර්තමාන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය සඳහන් කරයි.
ආණ්ඩුව සයිටම් අහෝසි කිරීමට කටයුතු කළද, පොදුවේ සියලුම විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාලවලට බඳවා ගන්නා පිරිසෙන් 4%ක් මුදල් මත බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බව එම ව්‍යාපාරයේ සාමාජික රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.
විදේශීය ශිෂ්‍යයන්ට අධ්‍යාපනය වැඩි වශයෙන් විකිණීමට සැලසුම් කර තිබෙන බවත්, මේ අනුව අදාළ වැඩපිළිවෙළ පිළිබඳ රටවල් දැනුවත් කිරීමට අධ්‍යාපන බලධාරීන් ලෝකය වටේ යමින් සිටින බවත් එම කමිටුවේ කැඳවුම්කරු දිදුල අමරසිංහ මහතා සඳහන් කළේය.
කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී අද (15) පැවැති සයිටම් විරෝධී සිසු ජන සමුළුවේදී කැඳවුම්කරු මේ බව සඳහන් කළේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ