පොලොන්නරුව අරලගංවිල 503 කුඩාඔය ප්‍රදේශයේ මඩ වගුරක එරී සිටි වන අලියෙක් ගොඩගෙන 18 වෙනිදා සවස මාදුරුඔය ජාතික වනෝද්‍යානයට පලවා හැරීමට පිඹුරත්තෑව හා වෙහෙරගල වනජීවී නිලධාරීන් කටයුතු කළහ.
බීමට ජලය සහ ආහාර සොයා මීට දින කිහිපයට පෙර පැමිණි මෙම වන අලියා මඩ වගුරක එරි ඇති බව පිඹුරත්තෑව අඩවි ආරක්ෂක කාර්යාලයේ වනජීවී නිලධාරීන් සඳහන් කළහ.
අවුරුදු හතළිහක් පමණ වයසැති මෙම වන අලියා ජේ.සී. බී, යන්ත්‍රයක් මගින් ගොඩට ගැනීමට පැයක පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සිදු වූ බව වෙහෙරගල අඩවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්. ජී. වීරසිංහ මහතා අප කළ විමසීමකදී පැවසීය.
මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන වැඩසටහන යටතේ කැලෑ එළි පෙහෙළි කිරීම මත එම වන අලි බහුල වශයෙන් ගම් වදින බවත්, ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් වැඩි වීමෙන් වන අලින්ගේ වාසස්ථාන සහ ආහාර පිළිබඳ දැඩි තර්ජනයක් පවතින බවද වනජීවි නිලධාරීන් පෙන්වා දෙති.
නිමල් ජයරත්න