ජල ගැලුම් නිම්න ජාතික වන උද්‍යානයට අයත් දිවුලාන විල්ලුවේ මඩේ එරි සිටි කුඩා වනඅලි පැටියෙකු බේරා ගැනිමට පොලොන්නරුව වනජිවි කාර්යාලයේ වනජිවි නිළදාරින්ට හැකි වු බව පොලොන්නරුව කලාපය භාර වනජීවි සහකාර අධ්‍යක්ෂක ඩබ්. එම්. කේ. එස්. චන්ද්‍රරත්න මහතා පවසයි.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු දෙක හමාරක පමණ වනඅලි පැටියෙකි. දින දෙකකට පමණ පෙර මෙම දිවුලාන විල්ලවට ජලය බීමට සහ ආහාර ගැනිමට පැමිණ වනඅලි රංචුවකට අයත් ඇතින්නක්ගේන් මග හැරිම නිසා මෙම වනඅලි පැටියා මඩේ එරෙන්නට ඇති බවට අනුමානය කරයි.
මෙම වනඅලි පැටියා මඩේ එරි සිටින බවට ගොවියෙකු විසින් ලබා දුන් තොරතුරක් මත වනජිවි නිලධාරීන් එම ස්ථානයට ගොස් දැඩි වෙහෙසක් දරා වනඅලි පැටියා මුදවාගෙන ඒ අසන්නයේ සිටි වනඅලි රංචුව වෙත මුදා හැරිමට කටයුතු කල බව පොලොන්නරුව කලාපය භාර වනජීවි සහකාර අධ්‍යක්ෂකවරයා කීවේය.