මඩකලපුව බස් නැවතුම්පොළට ආසන වෙන්කිරීමේ මධ්‍යස්ථානයක්


මඩකලපුව නගරයේ අභිනවයෙන් ඉදිකරන ලද බස් නැවතුම්පොළේ දුරගමන් සේවා මගීන්ට ආසන වෙන් කර ගැනීමේ මධ්‍යස්ථානය ඊයේ(02දා) පස්වරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණී.

 මෙම සේවාව මගින් මඩකලපුවේ සිට කොළඹ සහ අනෙකුත් දුරු බැහැර ප්‍රදේශයන්ට ගමන් ගන්නා මගීන් සදහා මාර්ගගත ක්‍රමය හරහා ආසන වෙන් කර ගැනීමේ හැකියාව පවතී. මාර්ගගත ක්‍රමය හරහා නැගෙනහිර පළාතේ මගීන්ට ආසන කළින් වෙන් කර ගැනීමේ අවස්ථාව හිමිවූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

නව මධ්‍යස්ථානය විවෘත කිරිමෙන් අනතුරුව බස් නැවතුම්පළට පැමිණි කොළඹ බලා පිටත් වන සුඛෝපබෝගි බස් රථයේ පළමු ගමන් වාරය රියදුරු අසුනේ සිට ආණ්ඩුකාරවරිය විසින් ආරම්භ කිරිම ද මෙහිදි සිදු වූවාය.

මේ අවස්ථාවට නැගෙනිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ සභාපති චාමර නිලංග මහතා, මඩකලපුව නගරාධිපති වරයා ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.



Recommended Articles